
කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී එක්සත් ප්රජාතන්ත්රවාදී හඩ පක්ෂය එහි නායක රන්ජන් රාමනායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ සංවිධාන කර තිබූ මංගල සමුලුවෙන් අනතුරුව නොසන්සුන්කාරි තත්ත්වයක් හටගෙන තිබෙනවා.
එහි පැමිණි සිටි විශ්වවිද්‍යාලීය සිසුන් පිරිසක් චෝදනා කළේ රුපියල් 3,000 ක් ලබා දෙන බවට පවසා සම්මේලනයට කැඳවා තිබුණද සම්මේලනයෙන් පසු අදාළ මුදල ලබා නොදුන් බවයි. එමෙන්ම ඔවුන්ට ප්‍රවාහන පහසුකම් ලබාදෙන බවට පැවසුවද එයද නොලැබුණු බව පවසමින් සමුලුවේ සංවිධායකයින් සහ සිසුන් අතර නොසන්සුන්කාරි තත්ත්වයක් හටගෙන තිබුණා.
අනතුරුව සිද්ධිය පාලනය කිරීමට ග්‍රෑන්ඩ්පාස් පොලිසියද කැදවා තිබූ අතර එහිදී ස්ථානාධිපතිවරයා විසින් සිසුන් පිරිසක් පොලිසිය වෙත ගෙන ගොස් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

පසුව එම පිරිස මුදාහැරි බවයි හිරු ප්රවෘත්ති කළ විමසීමකදී පොලිසිය සදහන් කළේ. එමෙන්ම නොසන්සුන්කාරි තත්ත්වය අතරතුර එහි තිබූ විදුලි පැනලයක් බිම වැටී සිසුන් 04 දෙනෙකුද සුලු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
source :- https://tinyurl.com/yv2ase5j








