
මෙරටට වාහන ආනයනය සඳහා අවසර ලබාදීම කල් දැමෙනු ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
කොවිඩ් අර්බුදයත් සමඟ වාහන ආනයනය 2020 මාර්තු මාසයේදී තතර කෙරුණු අතර ඒ වන විට වසරකට වාහන ආනයනය සඳහා ඩොලර් කෝට් 1100ක් පමණ වැය වූ බව සදහන්.
එහෙත් ඒ සමඟ රටට බදු ආදායම ලෙස රුපියල් බිලියන 250 ක පමණ මුදලක් ලැබී ඇති අතර රටේ ඩොලර් සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා වාහන ආනයනය නතර කිරීමත් සමග එම බදු ආදායම් ද අහිමි වී ගිය බව සදහන්.

එකල ඩොලරයක වටිනාකම රුපියල් 200 – ක් පමණ වූ අතර එහෙත් අද ඩොලරයක වටිනාකම රුපියල් 288ක්.
කෙසේ වෙතත් මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී වාහන ආනයන කරුවන්ගේ සංගමය පැවසූවේ, ලබන වසර මුලදී වාහන ආනයනය සඳහා අවසර ලැබෙනු ඇති බවට තම සංගමය විශ්වාස කරන බවයි.
source :- https://tinyurl.com/m97tnmrv







