නොවැම්බර් 14 පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී කායික දුබලතා ඇති තැනැත්තන්ට ඡන්ද පොළ වෙත යාම සදහා ප්‍රවාහන පහසුකම් ලබාගැනීමට ප්‍රදේශයේ තේරීම් භාර නිලධාරියාගේ අවසර ලබාගත යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාව සදහන් කළේ, ඒ සදහා ලබන මස 07වනදාට පෙර අයදුම් කළ යුතු බවයි.

එම අයදුම්පත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහ ග්‍රාම නිලාධාරී කාර්යාලයෙන් හෝ www.election.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.

source :- https://tinyurl.com/5n6wp74m

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here