අමෙරිකාව පදනම් කරගත් ලාභ නොලබන සංවිධානයක් වන ෆ්‍රීඩම් හවුස් හි වාර්ෂික වාර්තාවකට අනුව, චීනය තුළ අන්තර්ජාල භාවිතයේ නිදහස දැඩි ලෙස පිරිහීමකට ලක්ව ඇතැයි පවසනවා.

එම සංවිධානයේ 2024 ‘Freedom on the Net’ (FOTN) වාර්තාව, ඉකුත් බදාදා (16) නිකුත් වූ අතර 2023 ජූනි සිට 2024 මැයි දක්වා එකතු කරන ලද දත්ත මත පදනම්ව එය සකස් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ අන්තර්ජාලයට පිවිසීමේදී චීන වැසියන් මුහුණ දෙන බාධක, අන්තර්ගතයේ සීමාවන් සහ පරිශීලකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් අන්තර්ජාල නිදහස චීනය තුළ දැඩි ලෙස පිරිහී ඇති බවයි.

මේ අතර ෆ්‍රීඩම් හවුස් වාර්තාවට අනුව, අන්තර්ජාල නිදහස සඳහා ලොව නරකම පරිසරය ලෙස චීනය හා සමතැන් ගනිමින් මියන්මාරය ද එක්ව සිටින බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

චීනය සහ මියන්මාරය යන රටවල් දෙකම අන්තර්ජාල නිදහසට අදාළ ලකුණු 100න් ලබාගෙන ඇත්තේ ලකුණු 9ක් වන අතර, එය තක්සේරු කරන ලද සියලුම රටවල් අතර අඩුම අගය බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ.

source :- https://tinyurl.com/4t5dffjz

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here