
තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෑත කාලීන පුවත් ලිපි කිහිපයක ‘ඉන්ධන’ යන වචනය වැරදි ලෙස අර්ථකතනය කිරීම පැහැදිලි කිරීම සඳහා මෙම නිවේදන නිකුත් කරන බවයි එහි සඳහන් වන්නේ.
ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය නිපදවීම සඳහා ඛනිල්තෙල් ඉන්ධන වර්ග තුනක් භාවිත කරන බවද එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම එහි දක්වා ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලය මීට පෙර පැවති කළමනාකාරිත්වය යටතේ පවා විදුලි උත්පාදනය සඳහා තරගකාරී ලංසු මගින් ඩීසල් මිලදී ගෙන නොමැති බවයි.
විදුලි උත්පාදනය සඳහා කරගකාරී ලෙස ඩීසල් මිලදී ගැනීමට එරෙහි නව කළමනාකාරීත්වය කිසිදු තීරණයක් ගෙන නොමැති බවද එම නිවේදනය ඔස්සේ අවධාරණය කර තිබෙනවා.
source :- https://tinyurl.com/2s3taa2p








