ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර්ගේ පාකිස්ථාන සංචාරය අතරතුර දී දෙරට අතර කිසිදු නිල සාකච්ඡාවක් සිදු නොවූ බව ඉන්දීය විදේශ අමාත්‍යංශය විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසා තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා එලෙස පාකිස්ථානයේ සංචාරය කරනු ලැබුවේ, මෙවර පාකිස්‍ථානයේ පැවැති ෂැංහයි සහයෝගීතා සංවිධානයේ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහායි.

එහි දී ඔහු පකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ශරීෆ් පැවැත්වූ රාත්‍රි භෝජන සංග්‍රයහකට ද සහභාගී වූ අතර ඊට සමගාමීව ඔවුන් දෙපළ අතට අත දී සුහද හමුවක්ද පවත්වා තිබුණා.

එහෙත් එහිදී කිසිදු නිල සාකච්ඡාවක් නොපැවැත්වූ බවයි, පළවන ඇතැම් වාර්තාවලට පිළිතුරු සපයමින් ඉන්දියාව අවධාරණය කර ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක රන්දීර් ජයිශ්වාල් මාධ්‍ය හමුවක දී පවසා තිබුණේ, එස් ජයශංකර් පාකිස්ථානය සමඟ කිසිදු ද්විපාර්ශ්වික රැස්වීමක් නොපැවැත්වූ බවයි.

අමාත්‍යවරයාගේ ඉස්ලාමාබාද් සංචාරය ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක සමුළුව සඳහා පමණක් බව ද ඔහු අවධාරණය කළ අතර එම රැස්වීම් හැරුණු විට විදේශ අමාත්‍ය ජයිශංකර් පැවැත්වූ එකම ද්විපාර්ශ්වික සාකච්ඡාව මොංගෝලියාව සමඟ පමණක් බව ද ජයිස්වාල් වැඩිදුරටත් පවසා තිබෙනවා.

source :- https://tinyurl.com/222a6tje

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here