ඔස්ට්‍රේලියාවේ දී හදිසි අනතුරකින් මියගිය හිටපු අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්නගේ දේහය පිළිබඳ අචසන් කටයුතු මෙම 23 වැනි බදාදා පස්වරු 2.00ට ඔස්ට්‍රේලියාවේ ඔක්ලන් නුවර ඇල්බනි ක්‍රීක් අනුස්මරණ උද්‍යානය, අංක 400, ඇල්බනි ක්‍රීක් පාර, බ්‍රිජ්මන් ඩවුන්ස්හිදී සිදුකරන බව ඔහුගේ පවුලේ ඥාතීන් සඳහන් කරනවා.

මීට අමතරව ඔහු වෙනුවෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී මෙම 20 වැනිදා රාත්‍රී 7.00ට ධර්ම දේශණාමය පිංකමක් සහ පසුදා සංඝගත දක්‍ෂිණාවක් ද පැවැත්වෙන බවයි සදහන් වන්නේ.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 1982/82 අධ්‍යන වර්ෂ ආදි සිසු කණ්ඩායම විසින් මම පින්කම සූදානම් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් රැසක්ද මේ සඳහා සහභාගි වන බව වාර්තා වෙනවා.

ආණ්ඩු කිහිපයකම අමාත්‍යාංශය රැසක ලේකම් ධුරය හොබවා තිබෙන නීල් බන්ඩාර හපුහින්න, අවසන් වරට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසයි කටයුතු කර තිබෙන්නේ.

ඔහුගේ මරණයට හේතුව මුහුදු වෙරළේ ඇවිදිමින් සිටියදී හදිසියේ ඇති වූ හෘදයාබාධයක් බවයි පවුලේ ඥාතීන් සදහන් කරන්නේ.

නීතිඥ චම්පා හපුහින්නගේ ස්වාමිපුරුෂයා වූ ඔහු, දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වූ අතර මිය යන විට 61 වන වියෙහි පසුවුණා.

source :- https://tinyurl.com/44vtp8ft

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here