විපක්ෂයේ කිසිදු පක්ෂයට එකම පවුලේ දෙදෙනෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත්ව නොමැති නමුත් ජාතික ජන බලවේගයේ ලැයිස්තුවේ පවුල්වාදය ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (15) මීගමුව, වැල්ලවීදිය පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට සහභාගී වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ විපක්ෂයේ සිට විපක්ෂයේ කාර්යභාරය සිදු කිරීම සිය අපේ අරමුණ බවයි.

එමෙන්ම මෙවර මැතිවරණයේදී ජාතික ජන බලවේගයට බලය ලබා දීම සිදු කළ යුතු අතරම මේ වන විට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය බව ඔහු කියා සිටියා.

තව ද වෙනසක් කරයි කියලා ජනතාව, තරුණ තරුණියන් විශ්වාස කරන අතරම ජාතික ජන බලවේගය වේදිකාවේ හිටපු අයට තනතුරු දෙන්නේ, දක්ෂයින්ට, සුදුස්සන්ට සොයා බලා නොවන බව ඔහු අවධාරණය කර සිටියා.

එමෙන්ම තරුණ තරුණියෝ බලාපොරොත්තු වුන වෙනස සිදුව නොමැති අතර තරුණ තරුණියන්ට තැනක් දෙනවා කිව්වට නාමයෝජනා තුළ එවැනි නියෝජනයක් නොමැති බව ඔහු කියා සිටියා.

තව ද ජාතික ජනබලවේගය පසුගිය කාලසීමාවේ මැතිවරණ වේදීකාව තුළ පවුල්වාදය පිළිබඳ කතා කල නමුත් විපක්ෂයේ කිසිම ලැයිස්තුවක එකම පවුලේ දෙන්නා තුන්දෙනා ඉදිරිපත් වෙන්නේ බව ඔහු පවසා සිටියා.

විපක්ෂයේ එසේ වුවද මෙවර ජාතික ජාතික ජන බලවේගය තුල තාත්තලා, පුතලා, අම්මලා, දුවලා ඉදිරිපත් වී ඇති බව නිමල් ලාන්සා වැඩිදුරටත් කියා සිටියා.

source :- https://tinyurl.com/ykxbscva

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here