
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු උතුරේ දේශපාන පක්ෂ ආණ්ඩුව සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානයක පවසනවා.
එසේම එල්ලවන චෝදනාවලින් පාර්ලිමේන්තුව මුදාගැනීමට හොඳම අවස්ථාව මහමැතිවරණය බව ඔහු කියා සිටියා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ වදින ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින් අද (13) පෙරවරුවේ කොළඹදී හමුවු අවස්ථාවේදීයි.

උතුරේ ප්රධාන දේශපාලන නායකයෙකු හමු වු අවස්ථාවකදී ඔහු කියා සිටියේ උතුරු ජනතාව අප සමඟ වැඩ කරන්න සුදානම් බව ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.
එමෙන්ම පාර්ලිමේන්තුවට ශක්තිමත් නියෝජනයක් වගේම ගති ලක්ෂණවලින් ගුණානත්මක විය යුතු ඔහු අවධාරණය කර සිටියා.
කෙසේ වෙතත් මේ වන විට මහජනතාවගේ ධනය නාස් කරන තැනක් ලෙස පාර්ලිමේන්තුව හංවඩු ගැසී තිබෙන අතර පාර්ලිමේන්තුව ඉතා කැත කාලගෝට්ටියක් වෙන ස්ථානයක් බවට පත් වෙලා තියෙන බව ජනාධිපතිවරයා මෙහිදී අනාවරණ කර සිටියා.
සියළු ගණයේ අවරගණයන්, විනාශකාරි තත්ත්වයන් පරාජයන් බවට පත් මිනිසුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් ගොඩ නැගිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.
එමෙන්ම ජනාධිපතිවරණයේදී අපිට එරෙහිව විවිධ ප්රබන්ධයන් ගොඩ නැගු අතර එම චෝදනා ප්රබන්ධයන් බවට පත්ව අද ඔවුන්ටම පරාවලලක් වෙලා තිබෙන බව ජනාධිපතිවරයා කියා සිටියා.
තව ද ප්රතිවිරුද්ධ පාර්ශවය මේ වන විට දුබල වී තිබෙන අතර ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් විපක්ෂය නියෝජනය කල යුතු යැයි දැන් ඔවුන් කියා සිටින බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
source :- https://tinyurl.com/34zb34me








