
මෙරට කලු දිලීර රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසනවා.
ප්‍රතිශක්තිය හීන වීම නිසා හටගන්නා, මියුකොමයොකෝසිස් නමින් හදුන්වන මෙම රෝගය නාසය හරහා ආසාධනය වන රෝගී තත්ත්වයක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
නිසි ප්‍රතිකාර මගින් රෝගය පාලනය නොකළහොත් ඇස් දක්වා වර්ධනය වී අන්ධභාවයට වුවද පත්වීමේ අවධානමක් පවතින බවයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීරවේද අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර සඳහන් කළේ.

source :- https://tinyurl.com/2z368jd8








