නුවරඑළිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් ඊයේ (12) පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සහ මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුගේ ඥාතියෙකුගේ නිවසේ මෙම ජිප් රථය ගාල් කර තිබු බවත්, ජිප් රථය පොලිස් භාරයට ගන්නා අවස්තථාවේ එහි නිත්‍යානුකූල ලියකියවිලි කිසිවක් නොතිබූ නිසා එම ජීප් රථය පොලිස් භාරයට ගත් බවත් නුවරඑලිය පොලිසියේ නිලධාරියෙකු සඳහන් කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

ජිප් රථයට අදාල සියළුම ලියකියවිලි ඊයේ (13) පොලිසිය වෙත ඉදිරිපත් කරන බව එම නිවසේ හිමිකරුවන් විසින් දැනුම් දුන් බවයි නුවරඑලිය පොලිසියේ උසස් නිලධාරියෙකු අප වාර්තාකරුට සඳහන් කර ඇත්තේ.

source :- https://tinyurl.com/5793zun7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here