
නාම යෝජනා ලබාදුන් අපේක්ෂකයන්ගේ මනාප අංක ලබන සතිය මුල නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ නාම යෝජනාවලට අනුව ඒවා අකාරාදි පිළිවෙළට සකස් කිරීමේ කටයුතු මේ වනවිට සිදු කරන බවයි.
මේ අතර, මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම ඊයේ මධ්‍යහ්න 12 න් අවසන් වුණා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ දිස්ත්‍රික්ක 22 සඳහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 690 ක් මහ මැතිවරණයට තරග කිරීමට නියමිත බවයි.
එමෙන්ම නාම යෝජනා පත්‍ර 74ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් කියා සිටියා.
source :- https://tinyurl.com/25p7py7p








