
පවතින අධික වර්ෂාව හේතුවෙන් කැළණි ගඟ පිටාර ගැලීම නිසා ඇතිවී ඇති ගංවතුර තත්ත්වය මත කඩවත දෙසින් අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන වාහන කඩුවෙලින් පිටවීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව පොලිසිය සඳහන් කරනවා.
ඒ අනුව, කඩුවෙලින් කඩවත දෙසට පිවිසෙන බර වාහන සඳහා පමණක් අවසර ලබාදී ඇති අතර සැහැල්ලු වාහන සඳහා අවසර ලබාදී නොමැත.
මේ අතර, ජලයෙන් යටවීම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ගංවතුර තත්ත්වය පහව යාම හේතුවෙන් යළි විවෘත කර තිබෙනවා.

source :- https://tinyurl.com/5yhzkxzt







