
අදට යෙදී ඇති ශ්‍රී ලංකාවේ යුධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව නිලධාරින් 139 දෙනෙකුට සහ සෙසු නිලයන් 1273 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබෙනවා.
ඒ ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ නිර්දේශය මත ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අනුමැතියට යටත්වයි.
ඒ අනුව, ශ්‍රී ලංකා යුධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හි ලුතිනන් නිලයේ නිලධාරීන් සහ උපකරණ පාලක අංශයේ නිලධාරීන් 131 දෙනෙකු කපිතාන් නිලයට උසස් කර තිබෙනවා.

එමෙන්ම දෙවන ලුතිනන් නිලයේ නිලධාරීන් 08 දෙනෙකු ලුතිනන් නිලයට උසස් කර ඇති දුන් බවයි යුධ හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
source :- https://tinyurl.com/4utvpxe8








