ජාඇල, මුතුරාජවෙල, උස්වැටකෙයියාව ප්‍රදේශයේ මහාපරිමාණයෙන් පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් ඊයේ (08)දින සුරාබදු කොමසාරිස් නිලධාරින් විසින් වටලා තිබෙනවා.

බස්නාහිර පලාත භාර සහකාර සුරාබදු කොමසාරිස් හා කොළඹ නගරය සුරාබදු අධිකාරී හා කොළඹ නගරය සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපතිගේ අධීක්ෂණය හා සහභාගිත්වයෙන් කොළඹ නගරය සුරාබදු ස්ථානයේ හා 1913 සුරාබදු මෙහෙයුම් මැදිරියේ සුරාබදු නිලධාරීන් මෙම වැටළිම් සිදු කර තිබෙනවා.

මෙම ස්කාගාරයක් වටලා රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමක් ඇති නීති විරෝධී ස්ප්‍රීතු හා අදාල උපකරණ භාරයට ගෙන විනාශ කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බව සුරාබදු කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් කියා සිටියා.

source :- https://tinyurl.com/jj4f42hk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here