නව ජනාධිපතිවරයෙකු පත්වීමෙන් පසු පළමුවරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (08) රැස්වීමට නියමිතයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වනු ඇති.

එහිදී වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නම අනුමත කර ගැනීමට නියමිතයි.

වැඩබලන පොලිස්පතිවරයා දින 14කට වැඩි කාලයක් එම ධූරයේ කටයුතු කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා ගත යුතුයි.

source :- https://tinyurl.com/yazfb72h

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here