හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් භාවිතා කරනු ලබන තංගල්ල, වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද (05) දහවල් විදුලි බල මණ්ඩලයේ සේවකයින් විසින් ඉවත් කර ඇති බවට වාර්තා වෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳව වලස්මුල්ල ලං.වි.ම. ප්‍රාදේශීය කාර්යාලයෙන් සිදුකළ විමසීමකදී එහි ප්‍රකාශකයකු සඳහන් කළේ, වලස්මුල්ල ප්‍රදේශය තුල ස්ථාන කිහිපයකම විදුලි රැහැන් ඉවත් කිරීමක් සිදුකර ඇති බවයි.

කෙසේ නමුත් හිටපු මහින්ද රාජපක්ෂට අයත් කාල්ටන් වත්තේ විදුලි රැහැන් ඉවත්කළේද යන්න පිළිබඳව මාධ්‍යයට නිවැරදිව පිළිතුරක් මේ මොහොතේ ලබාදිය නොහැකි බවද එම ප්‍රකාශකයා සඳහන් කළා.

source :- https://shorturl.at/RnAq9s

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here