
ඉදිරි පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට තමා ඉදිරිපත් නොවන බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
හිරු නිව්ස් කල විමසීමකදී ඔහු කියා සිටියේ තමා ආර්ථික විෂය සම්බන්ධයෙන් කොතෙක් දැනුම් තිබුණ ද පාර්ලිමේන්තුවේ පවා මෙය නොතේරෙන පිරිස් සිටින බවයි.
තමා කියන දේ විෂයානුබද්ධව කියනා නමුත් එය නොපිලිගෙන කටයුතු කිරීම කනගාටුවට කරුණක් බව ඔහු කියා සිටියා.

එමෙන්ම රට සංවර්ධනයට වඩා බලය ලබා ගැනීමට කුලල් කා ගන්නා පිරිසක් සිටින බව ඔහු අවධාරණය කර සිටියා. මෙහිදී අප වෙත වැඩිදුරටත් අදහස් පල කරමින් හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ තමාට පෞද්ගලිකව රටේ ඕනෑම ව්‍යාපාර කටයුත්තක් සිදු කර සිටිමට හැකියාව ඇති බවයි.
කෙසේ වෙතත් ඉදිරියේදී මනුෂ්‍යත්වයෙන් මිදි රටේ වෛරී දේශපාලනයක් ඇති වේවැයි තමා බිය වන බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියා.
හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන වසර 20 කට වැඩි කාලයක් හෝමගම නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියා.
ඊට පෙර ද ඔහු මෙරට උසස් පෙළ ආර්ථික විද්‍යා විෂය ඉගැන් වු ගුරුවරයෙක් ද වනවා.
source :- https://tinyurl.com/evww45rm








