මහමැතිවරණ වෙනුවෙන් පුර්ව මුදල් වෙන් කිරීමක් පසුගිය අයවැය වෙන් කර නොතිබුණ අතර ජනාධිපතිවරයාට ඇති බලතල අනුව මහමැතිවරණ සඳහා බිලියන 05 ක මුදල් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (01) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මුළු වියදම ඇස්තමේන්තු කර ඇති බිලියන 11  ක මුදල අනුව  මහමැතිවරණයට අදාළ ඉතිරි බිලියන 06 ක මුදල 2025 සඳහා අයවැය ලේඛනයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර සිටියා.

source :- https://tinyurl.com/3w3w7vza

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here