පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම පිළිබඳව කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, දැනට පවතින අණපනත් අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බවයි.

එම කමිටුවේ සාමාජිකයින් වන්නේ,

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා (සභාපති)
විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩී. දිසානායක මහතා
විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් ජයන්තා බුළුමුල්ල මහත්මිය

අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, එම කමිටුව සකසන වාර්තාව කැබිනට් මණ්ඩලයට යොමු කර ඒ අනුව ඉදිරි තීරණ ගන්නා බවයි.

source :- https://tinyurl.com/442aryk6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here