මේ වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 38,874ක් වාර්තා වු බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

විශේෂඥ ප්‍රජා වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය සදහන් කළේ කොළඹ, කළුතර, ගම්පහ ආශ්‍රිත ප්‍රදේශවලින් රෝගින් වාර්තා වීම වැඩිවශයෙන් දක්නට ලැබෙන බවය.

“ඉදිරියේදී මෙම ප්‍රමාණය අඩු කරගැනීමට අවශ්‍ය වැඩකටයුතු කරනවා. කොළඹ, කළුතර, ගම්පහ හැරුණු විට මේ සති කිහිපය තුළ මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල සහ රත්නපුර කියන දිස්ත්‍රික්කවලින් ද ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා.”

source :- https://tinyurl.com/4bxjwpja

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here