වත්මන් ආණ්ඩුවේ කිසිදු අමාත්‍යවරයෙකු පොලිසියේ යම් යම් ක්‍රියා සම්බන්ධයෙන් පරණ වැරදි සංස්කෘතිය ක්‍රමවේදය නොකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (25) මහජන අමාත්‍යංශයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ මෙතෙක් පැවැතියානම් වැරදි දේ නිවැරදි කර ගැනීමට අවස්ථාව පොලිසියට ලැබෙනු ඇති බවයි.

එමෙන්ම දේශපාලන බලපෑම් මත පොලිස් ස්ථානාධිපතිවරු පත් කීරීමේ මීන් පසු සිදු නොවන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

ගුවන් බලපත්‍ර නිකුත් කිරිම ප්‍රමාදය සම්බන්ධයෙන් කඩිනමින් විසදුම් අදාළ නිලධාරින් ඉදිරිපත් කරනු ඇති බව බලාපොරොත්තු වන බව ඔහු කියා සිටියා.

පොලිසිය සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසය බිඳ වැටීම දකින්නට ලැබෙන බවත් දේශපාලන ඇඟිලි ගැසීම් නතර කරන බවත් කුමන හෝ වරදක් පොලිසිය පැත්තෙන් සිදුව ඇතිනම් එය නිවැරදි කරගෙන කටයුතු කරගෙන යන ලෙස අමාත්‍යවරයා කියා සිටියා.

එමෙන්ම රාජකාරී මට්ටමින් උස්ස කිරීම් සිදු කල යුතු බවත් කිසිදු දේශපාලන මැදිහත් වීමක් ඉදිරියේදී සිදු නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

source :- https://tinyurl.com/exs78mxw

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here