තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා අමෙරිකානු හමුදා නෞකා දෙකක් ඉකුත් සතියේ යාත්‍රා කිරීමත් සමග චීනය තායිවානය පිළිබඳ සිය ස්ථාවරය නැවත අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව අමෙරිකානු හමුදාවේ යාත්‍රා දෙකක් මතභේදාතමක තායිවාන මුහුදු සීමාවේ යාත්‍රා කර තිබූ පළමු අවස්ථාව එයයි.

ඒ අනුව, චීනය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති අතර චීනය පවසන්නේ තායිවානය චීනයේ භූමියෙන් වෙන් කළ නොහැකි කොටසක් බවයි.

නාවික නිදහසේ කඩතුරාව යටතේ චීනයේ ස්වෛරීභාවයට සහ ආරක්ෂාවට අභියෝග කිරීමට හෝ තර්ජනය කිරීමට උත්සහ දරණ ඕනෑම රටකට විරුද්ධ වන බව ද චීනය එහි දී ප්‍රකාශ කර තිබෙනවා.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ගුඕ ජියාකුන් (Guo Jiakun) පවසා තිබුණේ, “තායිවානය චීනයේ භූමියෙන් වෙන් කළ නොහැකි කොටසක් බව සහ තායිවාන ප්‍රශ්නය නාවික නිදහස සමඟ කිසිදු සම්බන්ධයක් නැති නමුත් චීනයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව මත රඳා පවතින බවයි.”

නාවික නිදහසේ කඩතුරාව යටතේ චීනයේ ස්වෛරීභාවයට සහ ආරක්ෂාවට අභියෝග කිරීමට හෝ තර්ජනය කිරීමට චීනය දැඩි ලෙස විරුද්ධ බව ද ඔහු වැඩිදුරටත් එහි දී පවසා තිබුණා.

source :- https://tinyurl.com/3axk45sd

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here