හමාස් සංවිධානය විසින් සෙනසුරාදා පස්වරුව වන විට තම රටේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකළහොත් ගාසා තීරය සම්බන්ධයෙන් වන සටන් විරාමය අවසන් කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළා. ස

සටන් විරාමය ඊශ්‍රායලය උල්ලංඝනය කරන බව පවසමින් හමාස් සංවිධානය මීට පෙර සදහන් කළේ මින් ඉදිරියට ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන බවයි.

මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්දානයේ රජු වන අබ්දුල්ලා කුමරු හමුවෙමින් ප්‍රකාශ කළේ, ගාසා තීරය ඉදිරියේදී තම රට විසින් අත්පත් කරගන්නා බවයි.

කෙසේ වෙතත් ඇමරිකාවේ එම සැලසුමට ජෝර්දානය විරෝධය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

source :- https://tinyurl.com/ysstzc9j

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here