
රටටම විදුලිය ඇණහිටීම සම්බන්ධයෙන් ඊයේ මුලින්ම වඳුරාට දොස් කියපු ආණ්ඩුව පස්සේ එම දෝෂාරෝපණය පසුගිය ආණ්ඩු වෙත එල්ල කළා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව පවසන්නේ සිය x ගිණුමේ සටහනක් තබමින්.
නමුත් සැබෑ ගැටලුව කුමක්ද කියා හඳුනා ගන්න හිතුවේ නැති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

විදුලිය විසන්ධි වීමට ඇත්ත හේතුව නම් සූර්ය බල විදුලි සම්පාදනය වැඩි නොකිරීම සහ අඩු ඉල්ලුම් කාලවේලාවන් කළමනාකරණය නොකරන දුර්වල පාලනයක් පැවතීම බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.
මෙවැනි ව්‍යාජ තොරතුරු හරහා විදුලි බලය බිඳ වැටීමේ ඇත්ත තත්ත්වය සැඟවීමට නොහැකි බවත් එය නිවැරදි කළ හැකි වන්නේ විදුලිබල අංශය තුළ කෙරෙන ප්‍රතිසංස්කරණවලින් පමණක් බවයි ඔහු පවසන්නේ.
එවැනි ක්රමයේ වෙනසක් මත විනිවිදභාවයකින් කටයුතු කිරීම මත මේ ගැටලුවට විසඳුම් සෙවිය හැකිබවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ඔහු පවසන්නේ.
source :- https://tinyurl.com/yc4e4ndx








