
ඉදිරි 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් සූදානම් කිරීමේ අරමුණින් නිකුත් කරන ලද මෙම පෙරහුරු ප්‍රශ්න පත්‍රය කලාපයේ සිසුන් 2,000කට ආසන්න සංඛ්‍යාවක් වෙත බෙදා හැර තිබුණි.
එලෙස මෙම ප්‍රශ්න පත්‍රය අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලය විසින් සකස් කර විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති අතර, පසුව ඔවුන් විසින් එය මුද්‍රණය කර අදාළ පාසල් අතර බෙදා හැර ඇත.
සඳුදා උදෑසන සිසුන් ප්‍රශ්න පත්‍රය කියවීමට පටන් ගත් වහාම ඔවුන් නොසන්සුන් බවක් පෙන්නුම් කළ බව ගුරුවරුන් වාර්තා කර තිබුනා.

අනතුරුව අනාවරණය වූයේ ප්‍රශ්න පත්‍රයේ යතුරු ලියන දෝෂ කිහිපයක් අඩංගු වී ඇති අතර, විශේෂයෙන් 29 වන ප්‍රශ්නයේ නුසුදුසු සහ අසභ්‍ය වචන භාවිත කර ඇති බවයි.
ඒ, අනුව මෙම තත්ත්වයට ප්‍රතිචාර වශයෙන්, කලාප අධ්‍යාපන කාර්යාලය විසින් දෝෂ නිවැරදි කිරීමට පියවර ගෙන ඇති අතර, බලපෑමට ලක් වූ පාසල් වෙත නැවත ප්‍රශ්න පත්‍රය නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.







