
මෙමගින් ඉන්ධන සැපයුම්කරුවන්ගේ නඩත්තු වියදම් අවම කර ගැනීම ඉලක්ක කර ගෙන ඇත.
CPC කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා කියා සිටියේ, ඉන්ධන සැපයුම් සඳහා යොදා ගන්නා බවුසර් රථවල අමතර කොටස් ඇතුළු අනෙකුත් නඩත්තු වියදම් අවම කිරීම මගින් මෙම පිරිවැය කළමනාකරණය සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.
ඒ, අනුව මේ සම්බන්ධයෙන් සැපයුම්කරුවන් සමග සාකච්ඡා කර ඇති අතර, වියදම් කළමනාකරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ඔවුන් එකඟතාව පළ කර තිබෙනවා.

එමඟින් ඉන්ධන සැපයුම් දාමයේ පිරිවැය අඩු කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන අතර, එහි ප්‍රතිලාභ පාරිභෝගිකයාට ලබා දීමට හැකි වනු ඇති බවට බලධාරීහු විශ්වාසය පළ කරනවා.







