ගුවන් යානය

යානය ගුවන්ගත වී තත්පර කිහිපයකට අඩි 625 (මීටර් 190)ක් පමණ ඉහළ දී යානයෙන් අවසන් සංඥාව ලැබී ඇත.

‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් යානයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් 240කට වැඩි පිරිසක් සිට ඇති බව සඳහන්.

ඒ, අනුව අහමදාබාද් සිට පැය 1338ට පිටත් වූ මෙම බෝයිං 787-8 ගුවන් යානයේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 242ක් සිට ඇත.

ඉන් 169 දෙනෙකු ඉන්දියානු ජාතිකයන් වන අතර, 53 දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන්ය. ඊට අමතරව එක් කැනේඩියානු ජාතිකයෙක් සහ පෘතුගාල ජාතිකයන් 7ක් සිට ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන් ළඟම ඇති රෝහල් වෙත රැගෙන යමින් සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here