දන්සලේ ඛේදවාචකය දන්සලේ ඛේදවාචකය

එම පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පිය පුතු දෙපළ කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී පුත්‍රයා මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 23 ක් වූ යටිදොල, නවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි අශේන් චාමික පෙරේරා නමැති අවිවාහක තරුණයෙක්.

තුවාලකරු වූ පියා වයස අවුරුදු 51 ක් වන එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්.

ඊයේ දහවල් මතුගම නවත්තුඩුව ප්‍රදේශයේ පොසොන් උත්සවය නිමිත්තෙන් බත් දන්සලක් මෙම පිරිස විසින් සංවිධානය කර තිබී ඇත.

බත් දන්සලෙන් අනතුරුව එය සංවිධානය කළ පිරිස මතුගම කඩවක ප්‍රදේශයේ අවන්හලකට ගොස් මත්පැන් පානය කර ඇත.

එහිදී මියගිය තරුණයාගේ වැඩිමහල් සහෝදරයා ඔහුගේ පියාගේ සහෝදරයෙකු සමඟ අරවුලක් ඇතිකරගෙන ඔහුට හෙල්මටයකින් පහරදී ඇති බවත්, එහි සිටි අනෙක් පිරිස විසින් ආරවුල සමතයකට පත්කර ඇති අතර පසුව පහරදුන් පුද්ගලයා අවමගුලකට සහභාගිවීම සඳහා එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මෙම අවස්ථාවේදි ඝාතනයට ලක් වූ තරුණයා සහ ඔහුගේ පියා වැඩිමහල් සහෝදරයා හමුවීමට ඔහු සිට ස්ථානයට ගොස් ඇති අතර එහිදී මාර්ගයේ රැකසිටි සැකකරුවන් හෙල්මටයෙන් පහර කෑ පුද්ගලයා මෙම දෙපළට කඩුවකින් සහ පිහියකින් මෙලෙස පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

එම පහරදීම සිදුකර ඇත්තේ පියාගේම සහොදරයෙකු බව සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති අතර සැකකරු සිද්ධියෙන් පසු පලාගොස් ඇත.

අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

එම පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පිය පුතු දෙපළ කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී පුත්‍රයා මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 23 ක් වූ යටිදොල, නවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි අශේන් චාමික පෙරේරා නමැති අවිවාහක තරුණයෙක් වන අතර තුවාලකරු වූ පියා වයස අවුරුදු 51 ක් වන එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්.

ඊයේ දහවල් මතුගම නවත්තුඩුව ප්‍රදේශයේ පොසොන් උත්සවය නිමිත්තෙන් බත් දන්සලක් මෙම පිරිස විසින් සංවිධානය කර තිබී ඇති අතර බත් දන්සලෙන් අනතුරුව එය සංවිධානය කළ පිරිස මතුගම කඩවක ප්‍රදේශයේ අවන්හලකට ගොස් මත්පැන් පානය කර ඇත.

එහිදී මියගිය තරුණයාගේ වැඩිමහල් සහෝදරයා ඔහුගේ පියාගේ සහෝදරයෙකු සමඟ අරවුලක් ඇතිකරගෙන ඔහුට හෙල්මටයකින් පහරදී ඇති බවත්, එහි සිටි අනෙක් පිරිස විසින් ආරවුල සමතයකට පත්කර ඇති අතර පසුව පහරදුන් පුද්ගලයා අවමගුලකට සහභාගිවීම සඳහා එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මෙම අවස්ථාවේදි ඝාතනයට ලක් වූ තරුණයා සහ ඔහුගේ පියා වැඩිමහල් සහෝදරයා හමුවීමට ඔහු සිට ස්ථානයට ගොස් ඇති අතර එහිදී මාර්ගයේ රැකසිටි සැකකරුවන් හෙල්මටයෙන් පහර කෑ පුද්ගලයා මෙම දෙපළට කඩුවකින් සහ පිහියකින් මෙලෙස පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

එම පහරදීම සිදුකර ඇත්තේ පියාගේම සහොදරයෙකු බව සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති අතර සැකකරු සිද්ධියෙන් පසු පලාගොස් ඇත.

අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here