මීනගයා දුම්රියේ ගැටී මිය ගිය වන අලි සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වනඅලි 7 දෙනෙකුගෙන් යුත් රංචුවක් ඊයේ රාත්‍රියේ මීනගයා දුම්රියේ ගැටී තිබූ අතර එහිදී කුඩා අලි පැටවුන් තුන්දෙනෙකු ඇතුලු 5 දෙනෙකු පළමුව මිය ගියා.

පසුව මිය ගොස් තිබුණේ, දුම්රියේ යට සිරවී සිටි අලි දෙදෙනාගෙන් එක් අලියෙක්.

මෙම අනතුර හේතුවෙන් මඩකලපුව – කොළඹ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට තවදුරටත් බාධා එල්ල වී ඇති අතර එය යථාවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ, මෙම අනතුර හේතුවෙන් දුම්රිය එංජිම පෙරළී ගොස් ඇති බවයි.

source :- https://tinyurl.com/ykecm6rt

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here