ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට නියුමෝනියා රෝගී තත්ත්වය වැළඳී ඇති බව වතිකානුව සඳහන් කරනවා.

එමෙන්ම නියුමෝනියා රෝගී තත්ත්වය උන්වහන්සේගේ පෙනහළු දෙකෙහිම වර්ධනය වී ඇති බවයි වතිකානුව සඳහන් කරන්නේ.

තවද මේ වනවිට උන්වහන්සේගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

88 හැවිරිදි වියේ පසුවන උන්වහන්සේ සතියකට වැඩි කාලයක් ශ්වසන ආසාදනයකින් පෙළුණු අතර, පසුගිය සිකුරාදා රෝමයේ ජෙමෙලි රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල්ගත කිරීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණවලදීයි මෙම රෝගී තත්ත්වය සොයාගෙන තිබෙන්නේ.

පසුගිය සතියේ දී පාප් වහන්සේට බ්රොන්කයිටිස් රෝග ලක්ෂණ ඇති වූ අතර, උත්සවවලදී සූදානම් කළ කථා සිදු කිරීමට නිලධාරීන් පත් කර තිබුණා.

source :- https://tinyurl.com/4nksh2xv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here