වාර්ෂික ස්ථානමාරු ගැටලු‍වක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය අද බස්නාහිර පළාත් සභාවට අයත් සියලු රෝහල්වල ආරම්භ කිරීමට නියමිතව තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ එම සංගමයේ විධායක කමිටුව ඊයේ රැස් වූ අවස්ථාවේදීයි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම්වරයාගේ ලිඛිත එකඟතාවක් මත මෙම වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය ලේකම් චානක ධර්ම වික්‍රම සදහන් කළේ.

ඒ අනුව අද දිනයේදී බස්නාහිර පළාත් සභාවට අයත් සියලු රෝහල්වල රාජකාරි කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව ද ඔහු සදහන් කළා.

source :- https://tinyurl.com/wa2r4kbh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here