පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වුණා.

කෙටුම්පත දෙවන වර සහ තුන්වන වර කියවීමේදී විපක්ෂව කිසිදු මන්ත්‍රීවරයකු ඡන්දය ලබා නොදුන් අතර කිසිවකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේද නැහැ.

ඒ අනුව, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධන රහිතව විශේෂ බහුතරයෙන් සම්මත වූ බවයි කථානායකවරයා සභාවට දැනුම් දුන්නේ.

අනතුරුව කතානායකවරයා විසින් මෙම කෙටුම්පතට අත්සන් තැබුවා.

මේ අතර, පළාත් පාලන ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලු සාකච්ඡා කිරීම සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණීමට නියමිතයි.

source :- https://tinyurl.com/ywkvnbf8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here