අධිකරණ නියෝග නොතකා යාපනයේදී විරෝධතාවයක් සංවිධානය කිරීමේ වරදට මල්ලාකම් අධිකරණය හමුවේ හෙට (14) පෙනී සිටින ලෙස දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාට සීතාසියක් යවා තිබෙනවා.

මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් පිරිසක් යාපනයේ කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට කන්කසන්තුරේ පොලිසියට ලැබුණු තොරතුරක් මතයි මෙම අධිකරණ නියෝගය ලබා ගෙන ඇත්තේ.

එහි සඳහන් වූයේ විහාරස්ථානය අයත් ග්‍රාම සේවා වසම තුළ කිසිදු ආකාරයක විරෝධතාවයක් නොපවත්වන ලෙසයි.

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාට එම ප්‍රදේශයට ඇතුළු වීමද තහනම් කොට තිබියදී ඔහු පිරිසක් සමග පැමිණ කළු කොඩි ඔසවා තිස්ස විහාරය ඉදිරිපිට විරෝධතවයක් පවත්වා තිබෙනවා.

මේ කාරණය සම්බන්ධයෙන් අධිකරණයට වග උත්තර බැඳීම පිණිසයි මන්ත්‍රීවරයාව අධිකරණයට කැඳවා ඇත්තේ.

source :- https://tinyurl.com/bdz8u95s

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here