
ප්රවාහන, නාවික සහ වරාය කටයුතු අමාත්යාංශයේ ලේකම්වරයා තමන්ට එම අමාත්යාංශයේ අතිරේක ලේකම් ධූරයේ කටයුතු කිරීමට බාධා කර තම මූලික අයිතිවාසිකම් කඩ කරන බව පවසමින් ජ්යෙෂ්ඨ පරිපාලන නිලධාරී ඩබ්ලිව්. එස්. සත්යානන්ද ශ්රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
එමගින් ඔහු ඉල්ලා ඇත්තේ තම රාජකාරි කටයුතු වලට බාධා කිරීම් වලක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.
රාජ්ය සේවා කොමිසම තමන් ප්රවාහන අමාත්යාංශයේ අතිරේක ලේකම් ධූරයට පත් කිරීමෙන් අනතුරුව මෙම බාධා කිරීම් සිදු වන බවට පවසමින් අතිරේක ලේකම්වරයා ඉදිරිපත් කළ මෙම පෙත්සමේ වගඋතත්රකරුවන් ලෙස ප්රවාහන අමාත්යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා, රාජ්ය පරිපාලන අමාත්ය ආචාර්ය ඒ. එච්. එම්. එච් අබේරත්න, රාජ්ය සේවා කොමිසමේ සාමාජිකයින් ඇතුලු 15 දෙනෙකු නම් කර තිබෙනවා.

අදාළ අමාත්යාංශයේ අතිරේක ලේකම් තනතුරේ තමා වැඩ භාර ගැනීමෙන් පසුව අමාත්යාංශ ලේකම්වරයා පෞද්ගලිකව තමා හමු වී එම තනතුරින් ඉවත් වන ලෙස දැනුම් දුන් බව ප්රකාශ කරන පෙත්සම්කරු තවදුරටත් කියා සිටියේ තමාව මෙම තනතුරට පත් කරන ලද්දේ රාජ්ය සේවා කොමිෂන් සභාව බවට අදාල ලේකම්වරයාට වාචිකව දැනුම් දුන් බවයි.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් රාජ්ය සේවා කොමිසමට ලිඛිතව දැනුම් දුන් බව ද අතිරේක ලේකම්වරයා සිය පෙත්සම මගින් සදහන් කර තිබෙනවා.
source :- https://tinyurl.com/4vv4tn23








