බංග්ලාදේශය තුළ යළි විරෝධතා හටගෙන තිබෙනවා.

ඒ බලයෙන් පහ කළ හිටපු අග්‍රාමාත්‍ය ෂීක් හෂීනා ඉන්දියාවේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ ජාතිය ඇමතීමට සූදානම් වන බවට පුවතක් පැතිර යාමත් සමඟයි.

ඒ අනුව ඊයේ පස්වරුවේ බංග්ලාදේශයේ පළමු ජනාධිපතිවරයා වන හිටපු අග්‍රාමාත්‍ය ෂීක් හෂිනාගේ පියා වන ෂෙයික් මුජිබර් රහුමාන්ගේ නිවස බැකෝ යන්ත්‍ර උපයෝගී කරගනිමින් කඩා දැමීමටයි විරෝධතාකරුවන් කටයුතු කරනු ලැබුවේ.

ඊට අමතරව හිටපු අගමැතිනිගේ පක්ෂයේ සාමාජිකයින් පිරිසකගේ නිවාස ද විනාශ කර තිබෙනවා.

source :- https://tinyurl.com/59k8j99h

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here