
විපක්ෂයට මාතෘකා නැති නිසා විවිධ මාතෘකා හදාගෙන යමින් සිටින බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවා.
රිලවු ගැන රටේ පැවති ශබ්ධය නැතිවුණේ ඒ අනූව බවයි ඔහු පවසන්නේ.
”සහල් නැති කතාවකුත් හැදුවා, දැන් ඒක වීවලට මාරු කරන්න යන්නේ” යැයි ඇමතිවරයා කියා සිටියේ ඒ අනූවයි.

වීවලට සහතික මිලක් ලබාදීම ගැන තීරණය ගන්න වෙන්නේ ගොවියත් පාරිභෝගිකයත් ආරක්ෂා කරන ප්‍රතිපත්තියේ සිට බවයි ඔහු පවසන්නේ.
ඒ අනූව ගොවියට රු.120ක සහතික මිලක් ලබා දුන් බව ඇමතිවරයා පවසනවා.
මේ ආකාරයට තුන් හතර දෙනෙකු සතු සහල් ඒකාධිකාරිය බිඳදමා ඇති බවත් එලෙසින්ම රටේ ආර්ථිකයත් නීතියත් දෙකම හරියටම ක්‍රියාත්ම කරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
මේ අතර රටේ මහජන ධනය තමන්ගේ බූදලයක් ලෙසින් නීතිය අතට ගෙන භාවිතා කළ අයට නීතියෙන් ක්‍රියාමාර්ග ගන්නා බවයි ඇමතිවරයා වැඩි දුරටත් පැවසුවේ.
source :- https://tinyurl.com/4dzrfh5j








