ඉතිහාසයේ ප්‍රථම වතාවට මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව ඉකුත් ජනවාරි මාසයේදී වාර්තා වී තිබෙනවා.

ඒ අනුව 2025 ජනවාරි මාසය තුළ සංචාරකයින් 252,761 දෙනෙකු පැමිණ ඇති බවයි සංචාරක කටයුතු අමාත්‍යංශය නිවේදනය කරන්නේ.

මීට පෙර 2018 වසරේ ජනවාරි මාසයේදී සංචාරකයින් 238,924ක් දිවයිනට පැමිණ තිබෙනවා.

ඊට අමතරව 2024 වසරේ ජනවාරි මාසයේදී පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 208,253ක් ලෙස දැක්වෙනවා.

මෙසේ පැමිණි සංචාරකයින් පිළිබඳ වාර්තාව පහතින්,

source :- https://tinyurl.com/96wmyhfj

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here