
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහට අපහාස කිරිමේ සිද්ධියක් සම්බ්නධයෙන් රුපියල් මිලියන 250ක් ගෙවන ලෙස ගල්කිස්ස දිසා විනිසුරු ඩී එම් කොඩිතුවක්කු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සී බී රත්නායකට අද (05) නියෝග කළා.
මහ බැංකු බැදුම්කර වංචාව සම්බ්නධයෙන් පුද්ගලික රූපවාහිනී නාලිකාවකදී සිදු කළ ප්‍රකාශයක් සම්බ්නධයෙන් තමාට අපහාසයක් වූ බවට සුජීව සේනසිංහ ගොනු කළ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය මේ නියෝගය සිදු කළා.
මහ බැංකු බැදුම්කර සිද්ධියේදී පුද්ගලික රුපවාහිනි මාධ්‍ය ජාලයක විකාශනය වූ වැඩසටහනකදී සී.බී. රත්නායක විසින් බැඳුම්කරය සම්බන්ධයෙන් සුජීව සේනසිංහ, හර්ෂ ද සිල්වා සහ අජිත් පී පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ෆුට් නෝට් දැමූ බවට අපහාස සිදු වන අන්දමින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සුජීව සේනසිංහ මේ නඩුව ගොනු කරනු ලැබුවා.

සුජීව සේනසිංහ වෙනුවෙන් ජනාධිපති නිතිඥ ෆර්හාන් කාසිම්ද සීබී රත්නායක වෙනුවෙන් ජනාධිපති නිතිඥ කුෂාන් ද අල්විස්ද අධිකරණය හමුවේ පෙනී සිටියා.
දින 14ක් තුළ මේ සම්බන්ධයෙන් ඇපෑලක් ඉදිරිපත් කිරිමට සී.බී රත්නායක අවස්ථාව තිබෙනවා.
source :- https://tinyurl.com/ysfj8dhv








