
2014 වසරේ බිංගිරිය හා පන්නල ප්‍රදේශවලට ගංවතුරවලින් පීඩාවට පත් වූවන්ට ආධාර ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් දා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හරින ලද හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සැකකරුවන්ට අදාළ නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු වන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු කළමණාකාර අධ්යක්ෂ සුසන්ත සිල්වා ඇපමත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියම කළා
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විටත් ඇප මත මුදා හැර ඇති නිසා මෙම සැකකරුද ඇප මත මුදාහරින ලෙස විත්තියේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය අදාළ සැකකරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළා.
පැමිණිල්ල නැවත මැයි මස 06 වන දා කැඳවීමටද නියම කළා.
source :- https://tinyurl.com/3ybuj3sn








