2011 වසරේ ජාත්‍යන්තර සමූපකාර සැමරීම වෙනුවෙන් කුරුණෑගල පැවැත්වූ ඉසුරු සවිය නමැති සමූපකාර සැමරුම සඳහා සමූපකාර අරමුදලෙන් රුපියල් මිලියන 183ක් වැය කිරීමේදී ප්‍රවාහන වියදම් ලෙස රුපියල් ලක්ෂයක මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරයා වන ප්‍රියන්ත කුමාර මායාදුන්නේ ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (30) නියෝග කළා.

එම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර හිටපු අතිරේක ලේකම් වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කළා.

සැකකර අතිරිකරේකම්වරයාට එරෙහිව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 380 වගන්තිය යටතේ චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් කරුණු ඇති බවට නීතිපතිවරයාව ලබාදුන් උපදෙස් ප්‍රකාරව සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

source :- https://tinyurl.com/kt4549c

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here