පොල්ගෙඩි මිලියන 200ක ප්‍රමාණයකට සරිලන පරිදි පොල් කිරි, පිටි සහ සීත කළ පොල් මද යන කාණ්ඩ තුන යටතේ ආනයනය කිරීමට අවසර දෙනු ලබන්නේ ප්‍රතිඅපනයන කටයුතු සඳහා පමණක් බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසනවා.

පොල් ගෙඩි මිලියන 200ක් ආනයන කිරීම ගැන පැන නැගී ඇති ගැටලු‍වක් සම්බන්ධයෙන් පැහැදිලි කරමින් එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබුණා.

එහි දැක්වුණේ වැවිලි සහ කර්මාන්ත අමාත්‍යාංශවල ලේකම්වරුන් විසින් මේ සදහා කමිටුවක් පිහිටුවා ඇති අතර එම එක් එක් ආයතනය සඳහා අවශ්‍ය වන පොල් ප්‍රමාණය කමිටුව විසින් නිර්දේශ කරනු ඇති බවයි.

කමිටුවේ අනුමැතිය අනුව අවශ්‍ය පොල් ප්‍රමාණය ආනයනය කරනු ලබන අතර, දැනට පවතින පොල් අස්වැන්න අප්‍රේල් මාසය වනතුරු ප්‍රමාණවත් නොවන බැවින් පොල් කර්මාන්තය රැක ගැනීමේ අරමුණින් මෙම තීරණය ගන්නා බවයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය තවදුරටත් සදහන් කළේ.

source :- https://tinyurl.com/29nxre8z

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here