
ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවත්, එය එම අමාත්‍යංශයට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
ජාතික ජන බලවේග රජය බලයට පත් වීමෙන් පසුව ඔහුව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ධුරයට පත් කළ අතර, වත්මන් රජය බලයට පත් වීමෙන් පසු ලැබූ සභාපති ධුරයකින් ඉවත් වූ දෙවැන්නා බවට රමාල් සිරිවර්ධන පත්වනවා.

source :- https://tinyurl.com/3jydbkvf








