නීතිවිරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුලුවීම සම්බන්ධයෙන් නාවික හමුදාව අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 13 දෙනා ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, යාපනය – මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට අද (29) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කන්කසන්තුරය මුහුදු සීමාවේදී මෙම ධීවරයින් පිරිස ඔවුන් ගමන්ගත් බහුදින ධීවර යාත්‍රාවද සමඟ ඊයේ නාවික හමුදාව අත්අඩංගුවට ගැණුනු අතර එහිදී උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා.

එම අවස්ථාවේදී ඉන්දීය ධීවරයෙකු නාවික හමුදා නිලධාරීන් සමඟ පොරබඳා තිබූ අතර, නාවික හමුදා නිලධාරියාගේ රාජකාරි ගිනිඅවිය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමෙන් ඉන්දීය ධීවරයින් දෙදෙනකු තුවාල ලබා යාපනය රෝහලටද ඇතුළත් කෙරුණා.

source :- https://tinyurl.com/3mhyef9u

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here