
පසුගිය කාලයේ ලුණු නිෂ්පාදිත ප්‍රදේශවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය මත ලුණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදාහකට පමණ සීමා වී ඇති බවත් මෙට්‍රික් ට්‍රොන් 60000ක පමණ ලුණු හිඟයක් පවතින බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.
එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.

” මෙට්‍රික් ටොන් 60000ක පමණ ලුණු හිඟයක් තියෙනවා. ගෙදරදොරට විතරක් නෙමෙයි, කර්මාන්තවලටත් ලුණු අවශ්‍යයයි. කර්මාන්ත පවත්වා ගෙන යෑමට ලුණු ගෙන්වා දෙන ලෙස කර්මාන්තකරුවන්ගේ දිගටම රජයට ඉල්ලීම් ආවා, මේ ලුණු ප්‍රමාණය ගෙන්වා දෙන්න කියලා.ඒ නිසා තමයි කැබිනට් මණ්ඩලය විසින් මෙට්‍රික් ටොන් 30000ක උපරිම සීමාවකට ලුණු ගෙන්වීමට අවසර දුන්නේ. එතනදි මෙට්‍රික් ටොන් 4050ක් ගෙන්වීමට රාජ්‍ය වෙළඳ නීතිගත සංස්ථාව මැදිහත් වුණා. ඉතිරිය ප්‍රමාණය කර්මාන්ත සහ වෙළඳ අමාත්‍යාංශය සමග සාකච්චා කරලා ඔවුන්ගේ අනුමැතිය සහිතව පෞද්ගලික සැපයුම්කරුවන්ට පුළුවන් ඔවුන්ගේ කර්මාන්ත සඳහා අවශ්‍ය ලුණු ප්‍රමාණය ලංකාවට ගෙන්වන්න”
source :- https://tinyurl.com/hbsj5cn2








