හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු තුනක් පවරා තිබෙනවා.

එම කොමිසම සඳහන් කළේ පසුගිය 08 වනදා කොළඹ මහාධිකරණයේ දී ඊට අදාළ නඩු පැවරීම සිදුකළ බවයි.

ඒ අනුව සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් වෙසක් සුබපැතුම් පත් 3,000ක් මුද්‍රණය කරවා ගැනීමෙන් රුපියල් එක්ලක්ෂ 28,520ක මුදලක පාඩුවක් සිදුකිරීම, සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් රුපියල් තුන්ලක්ෂ 60,000ක මුදලක් පෞද්ගලික ආයතනය වෙත ගෙවීම සඳහා එම අධිකාරියේ නිලධාරීන් පෙළඹවීම, සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් රුපියල් හාරලක්ෂ 94,000 ක මුදලක් බැංකු ගිණුමකට බැර කිරීම සඳහා එම අධිකාරියේ නිලධාරීන් පෙළඹීම යන චෝදනා මත මෙම නඩුව පවරා තිබෙනවා.

source :- https://tinyurl.com/3yjsbkpa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here