මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ප්‍රතිඵල ලැබීමට මාස එකහමාරකට පෙර අවාසනාවන්ත ලෙස ජීවිතයට සමුදුන් දරුවෙකු ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව ඇති පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ බලංගොඩ, වලේබොඩ, වතුකාරකන්ද ප්‍රදේශයෙන්.

ඔහු ලකුණු 159ක් ලබාගෙන ශිෂ්‍යත්ව විභාගය සමත් වුවත් ප්‍රතිඵල දැක ගැනීමට ඔහු ජීවතුන් අතර නැහැ.

සිය පුතුගේ වියෝව පිළිබඳව මව පවසා සිටියේ මෙවැනි අදහසක්.

”මගේ දරුවා මේ පාර ශිෂ්‍යත්ව විභාගය ලියලා ප්‍රතිපල බලාපොරොත්තුවෙන් සිටියා. එයා බලංගොඩ තෝරවෙලකන්ද විදුහලේ තමයි ඉගනගත්තේ. ශිෂ්‍යත්ව විභාගය ලියලා ඇවිත් අපි එක්ක කිිවා මට ලකුණු එකසිය හැටකට ආසන්න ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් කියලා.

ඒ්ත් ප්‍රතිපල එන්න මාස එකහමාරකට කලින් එයාට එකපාරටම ඇති වුන රෝගයක් හේතුවෙන් එයා අපිව දාල යන්න ගියා. අද ප්‍රතිපල බලන කොට එයට ලකුණු 159 ක් ලැබිලා තියෙනවා. පාසලෙන් මගේ දරුවා විතරයි මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙලා තියෙන්නේ. ඉතින් අපිට මේ ප්‍රතිපලය ගැන සතුට වෙන්න බෑ.”

source :- https://tinyurl.com/ym48vszr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here