ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 294.01ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් සටහන් වූයේ රුපියල් 302.77ක් ලෙසයි.

සෙලාන් බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රු. 294.25 සහ රු. 302.25 ලෙස නොවෙනස්ව පවතින බව සඳහන්.

NDB බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 294.75 සිට රු. 294.25 දක්වා සහ විකුණුම් අනුපාතිකය රු. 304.75 සිට රු. 304.25 දක්වා අඩු වී තිබෙනවා.

මහජන බැංකුව වාර්තා කරන පරිදි ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රු. 292.48 සිට රු. 292.97 දක්වා සහ රු. 302.97 සිට රු. 303.48 දක්වා ඉහළ ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

source :- https://tinyurl.com/47y2jx38

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here