ගාල්ල – ඉමදූව – අඟු‍ළු‍ගහ ප්‍රදේශයේදී අද (26) පෙරවරුවේ බස් රථ තුනක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 29 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

අද පෙරවරු 08.30ට පමණ මෙම අනතුර සිදුව තිබුණු අතර, අනතුරට පත්ව තිබුණේ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ දෙකක් සහ කාර්යාල සේවකයින් ප්‍රවාහනය කරනු ලබන බස් රථයක්.

අඟු‍ළුගහ හන්දියේදී එක් බස්රථයක් නවතා තිබී ඇති අතර, පිටුපසින් පැමිණි තවත් බස් රථ දෙකක් එහි ගැටී තිබෙනවා.

මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 29 දෙනාගෙන් 15 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර සදහා ඉමදූව දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ අතර 14 දෙනෙතු ප්‍රතිකාර ලබා නිවෙස් වෙත ගොස් තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, බරපතල තත්වයේ පසුවූ තුවාලකරුවන් 06 දෙනෙකු මේ වනවිට කරාපිටිය රෝහලට මාරු කර යවා ඇති බවයි.

source :- https://tinyurl.com/mrwct9na

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here