ඇතැම් ගුවන් සමාගම් තවමත් රජයට ගෙවා නොමැති බදු මුදල් අයකර ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසන බව, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූයේ අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු පළමු වරටයි.

එහිදි අමාත්‍යවරයා සඳහන් කළේ, ශ්‍රීලංකන් ගුවන් සමාගම රජය සතු සමාගමක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි.

source :- https://tinyurl.com/3skf7wn8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here